ඔබට ගැලපෙන්නේ
මොන මාර්ගයද?
ඔබට ගැලපෙන්නේ Student Visa ද? SSW Visa ද? දැන්ම දැන ගනිමු.
ඉගෙනගෙන, ජපානයේ Professional Career එකක්
මෙයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ
- Japanese Language School වසර 1ක පාසල් ගාස්තුව
- මාස 6ක Apartment / නවාතැන් ගාස්තුව
- Air Ticket
- Documents Processing Fee
- Visa Consultation Fee
සටහන: පාසල, නගරය, නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට්පත් මිල අනුව මුළු වියදම සුළු වශයෙන් වෙනස් විය හැකිය.
Student Visa ඔබට ගැලපෙන්නේ
ජපානයේ ඉගෙනගෙන → වෘත්තීය සුදුසුකමක් ලබාගෙන → දිගුකාලීන Professional Career එකක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වනවා නම්ය. 🇯🇵
Student Visa සදහා අපගේ පාඨමාලාවන්
JLPT / NAT-TEST N5 · N4 ජපන් භාෂා පාඨමාලා, Full-Time සහ Residential පන්ති. ඔබට ගැලපෙන පාඨමාලාව තෝරගන්න.




Student Visa මගින් ඔබ ජපානයට යන්නේ ඉගෙනීම සහ අනාගත වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීම ප්‍රධාන අරමුණ කරගෙනයි.
ජපානයට ගිය පසු, මුලින්ම Japanese Language School එකක ජපන් භාෂාව ඉගෙන ගත යුතුය. සාමාන්‍යයෙන් එම අධ්‍යයන කාලය අවුරුදු 1½ සිට 2ක් පමණ වන අතර, එය ඔබ ජපානයට යන Intake එක අනුව වෙනස් වේ.
Japanese Language School එකේ සාමාන්‍යයෙන් සතියේ දින 5ක් පන්ති පැවැත්වෙන අතර, පාසල අනුව උදෑසන හෝ සවස් වරුවේ දිනකට පැය 3 සිට 3½ක් පමණ අධ්‍යයනය කිරීමට සිදු වේ.
Japanese Language School එක සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, ඔබේ අනාගත අරමුණ අනුව, Vocational / Professional Training College එකකට ඇතුළත් වී අවුරුදු 2ක් පමණ වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමට, හෝ University එකකට ඇතුළත් වී අවුරුදු 4ක Degree Program එකක් හැදෑරීමට හැකිය.
මෙහිදී ඔබට ඔබ කැමති ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරින් ඉගෙන ගැනීමටත්, ජපානයේ පවතින නවීන තාක්ෂණය, වෘත්තීය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමටත් අවස්ථාව ලැබේ.
අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, අදාළ වීසා කොන්දේසි සපුරාලන්නේ නම්, ඔබ ඉගෙනගත් ක්ෂේත්‍රයට අදාළ රැකියාවකට පිවිස ජපානයේ Professional Career එකක් ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබේ.
ඔබට ගැලපෙන මාර්ගය තෝරගන්න අපි උදව් කරන්නම්
නොමිලේ උපදේශනයක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
